හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
මේ ලක්දිව මහ පොළවේ උරුමයන් එහි ඇත්තන් විසින්ම අමතක කර දමා තිබූ යුගයක ඒ උරුමයන්ට නැවත පණ පොවමින් ද,කටුකොහොල් හරවමින් ද උන්වහන්සේ කළ මෙහෙවර විස්මයජනකය.අදටත් සුමංගල හිමියන්ගේ ඒ සියලු මෙහෙවරයන් ජීවමානකරනුයේ උන්වහන්සේ විසින් ම 1873 දෙසැම්බරයේ දී මාලිගාකන්දේ ඇරඹි විද්‍යෝදය මහ පිරිවෙනයි.ඒ පිරිවෙනින් ජනිත වූ විද්‍යෝදය විශ්වවිද්‍යාලයයි ( ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල).උන්වහන්සේ තැනූ ඒ මහා විද්‍යෝදය සම්ප්‍රදාය මෙරට බොහෝ කඩයිම් වලදී සාධනීය මංසලකුණක් ම වීය.භික්ෂු ජීවිතයේ සැබෑ වටිනාකම ව්‍යක්ත,විනීත,විශාරද,බහුශ්‍රැත යන ගුණදම් බව වටහා ගත් උන්වහන්සේ එය ක්‍රියාවෙන්ම සනාථ කළ සේක.
වසර 83 ආයු වලදා 1911 අප්‍රේල් 29 වැනිදා උන්වහන්සේ අපවත් විය.එදා ඒ චිතකයේ දැවී ගිය උතුමන් පිළිබඳව වැලිවිටියේ සෝරත තෙරණුවෝ මෙසේ වදාලහ.
" එදා ඒ චිතකයේ දැවී ගියේ අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගෙන් පසුව පහළ වූ පාලි භාෂා විශාරදවරයාය.තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගන් පසුව පහළ වූ සිංහල භාෂා විශාරදවරයාය.ශ්‍රී ශාරිපුත්‍ර සංඝරාජයාගෙන් පසු ව ලක්දිව පහළ වූ ප්‍රත්‍යක්ෂ වෘහස්ප
සටහන
රුවන් වින්ඩ්සර්
උපුටා ගැනීමකි



